ජුලියන් අසාන්ජ්ගේ ඉක්වදෝර් පුරවැසිභාවය අත්හිටුවයි

ජුලියන් අසාන්ජ්ගේ ඉක්වදෝර් පුරවැසිභාවය අත්හිටුවයි

by Staff writer 13-04-2019 | 8:09 AM

News 1st - අත්අඩංගුවට පත් ව සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ පුරවැසිභාවය අත්හිටවූ බව ඉක්වදෝරය පවසයි.

47 හැවිරිදි ඔහු බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත් වූයේ, ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේදී ය. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකාවේ හමුදාමය හා රාජ තාන්ත්‍රික ලියකියවිලි අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් අසාන්ජ්ට විරුද්ධව කලක පටන් චෝදනා එල්ල වි තිබුණි. අදාළ චෝදනා මෙන්ම, ලිංගික අතවර චෝදනාවක් පිළිබඳව කෙරෙන විමර්ශනවලට ද අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේ සිට ජුලියන් අසාන්ජ්ට ලබාදුන් රැකවරණය ඉවත් කිරීමට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලය පසුගිය දා කටයුතු කළේ ය.