ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-04-2019 | 6:33 AM

දේශීය පුවත්

1. වසර 140 ක ඉතිහාසයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මේ දිනවල: වසර 140 කට පසු ශ්‍රී ලංකාවේ උෂ්ණාධිකම කාලගුණ තත්ත්වය මේ දිනවල වාර්තා වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 2. දේශගුණික විපර්යාසවලට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීමට අ. ඩොලර් මිලියන 125 ක ණය මුදලක්: නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසවලට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය පළ කර තිබේ. 3. අමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකයි – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්: අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ දිවයිනට පැමිණියේ ය. 4. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට: රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. 5. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක් ගිලා බසී: ඊයේ පස්වරුවේ සිට බෙලිඅත්ත ප්‍රදේශයට තද වර්ෂාව ඇද හැළී තිබූ අතර එහිදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක ගිලා බැසීමක් සිදු ව ඇත.

විදෙස් පුවත්

6. සාමය රකින්නැයි ශුද්ධෝත්තම පියතුමන් දකුණු සුඩාන නායකයින්ගේ දෙපා සිඹ අයැදියි: අඛණ්ඩව සාමය පවත්වාගෙන යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹ ඉල්ලීමක් කර තිබේ.