ගම්බිම් බලා යන ජනතාවට අද ත් විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා යන ජනතාවට අද ත් විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 13-04-2019 | 7:00 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව ‍සඳහා අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසති.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිට පළාත් සඳහා බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක බවයි. මේ අතර දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද දිනයේත් විශේෂ දුම්රිය ගමන්වාර 15 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල, මාතර හා මහනුවර ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවක සිට එම දුම්රිය ධාවනය වේ. අන්තර් පළාත් අමතර සේවා රැසක් අද දිනයේ ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.