ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

by Staff writer 13-04-2019 | 3:33 PM
COLOMBO (News 1st) - ගත වූ දින දෙක තුළ බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය 11 වන දා පෙරවරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වූ කාලය තුළ මෙම බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බව ය. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 289කි. මේ අතර ගත වූ දින දෙක තුළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 19774 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.