අවුරුද්දට සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාවක්...

අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් බැලීමට ඥාතීන්ට විශේෂ අවස්ථාවක්...

by Staff writer 13-04-2019 | 12:15 PM

COLOMBO (News 1st) - සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට සිරකරුවන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, බලපත්‍ර මත නිදහස් කිරීම සම්බන්ධයෙන් සිරකරුවන් 11 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.