දැඩි උණුසුම් කාලගුණය අනිද්දායින් අවසන්...

අනිද්දා දක්වා ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාලගුණයක්...

by Staff writer 13-04-2019 | 7:36 AM

COLOMBO (News 1st) - අද සිට අප්‍රේල් මස 15 වැනි දා දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. අද සහ හෙට උතුරුමැද සහ වයඹ පළාත, හම්බන්තොට, මොණරාගල, ගම්පහ, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ලබන 15 වැනි දා වයඹ පළාත සහ අනුරාධපුරය, මන්නාරම, මොණරාගල, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි ය. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවයි.