අකුණුසැර වැදී කඩුවෙල බැංකුවක් ගිනි ගනී

අකුණුසැර වැදී කඩුවෙල බැංකුවක් ගිනි ගනී

by Staff writer 13-04-2019 | 9:17 AM

COLOMBO (News 1st) - විදුලි මීටරයට අකුණුසැර වැදීමෙන් කඩුවෙල පෞද්ගලික බැංකුවක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී හටගත් ගින්න ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මැඩපවත්වා ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති බවයි. ඉන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැතැයි ද පොලීසිය සඳහන් කළේ ය.