සැලකිලිමත් වන්න! භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ

සැලකිලිමත් වන්න! භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ

සැලකිලිමත් වන්න! භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ

කර්තෘ Staff writer

13 Apr, 2019 | 4:06 pm

COLOMBO (News 1st) – භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන සහ සබන් වර්ග වෙළෙඳපොළට එක්ව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් කළ විශේෂ මෙහෙයුම්වලදී ඒ බව අනාවරණය වූ බව ය.

උත්සව සමය වෙනුවෙන් පසුගිය 20 වන දා සිට දිප ව්‍යාප්තව වැටලීම් සිදු කරනු ලැබී ය.

එය ලබන 25 වන දා දක්වා ක්‍රියාත්මක ය.

එම්.එස්.එම්. ෆවුසර් මහතා පැවසුවේ, දිවයින පුරා කළ වැටලීම් 1500කට අධික සංඛ්‍යාවකින් වෙළෙඳ සල් හිමියන් 650කට එරෙහිව නඩු පවරා ඇති බව ය.

ඒ, පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]