මහේන්ද්‍ර සිං දෝනිට දඩ

IPL තරගාවලිය අතරතුර ආචාර ධර්ම කඩ කළ මහේන්ද්‍ර සිං දෝනිට දඩ

by Staff writer 12-04-2019 | 12:14 PM
(News 1st) - අයි.පී.එල්. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ නියම කර තිබේ. අයි.පී.එල්. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්විණි. එම තරගයේදී විනිසුරුවරයෙකු ලබා දුන් තීරණයක් සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය වන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව අයි.පී.එල්. තරගාවලි සංවිධායකයින් පවසන්නේ, දෝනිට හිමි විය යුතු තරග ගාස්තුවෙන් 50%ක මුදලක් දඩ ලෙස නියම කළ බව ය.