by Staff writer 12-04-2019 | 11:20 AM
COLOMBO (News 1st) - 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී පැවැත්විය යුතු ද නැද්ද යන්න පිළිබඳව මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ, ඊයේ ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනයේ හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ය.
5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළ හොත් ඉන් පසු දක්ෂතා පිරි ළමයින්ට වෙනත් පාසලකට ඇතුළු වීමට ඇති අවස්ථාව සම්පාදනය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බව ඔහු සඳහන් කළේ ය.
අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, අදාළ වාර්තාව ජනාධිපතිතුමාට ලබා දීමෙන් පසු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ය.