මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවතට

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට

by Staff writer 12-04-2019 | 4:51 PM

COLOMBO (News 1st) - රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

ඒ, ජනාධිපතිතුමා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි. පසුගිය නොවැම්බර් 09 වැනි දා ජනාධිපතිතුමා විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබුවේය. ඉන් අනතුරුව මෙතෙක් කලක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පාලනය වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.