බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක් ගිලා බසී

by Staff writer 12-04-2019 | 3:52 PM

COLOMBO (News 1st) - මහජනතාව වෙනුවෙන් ඇරඹෙන ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නිසි ප්‍රමිතියෙන් සිදුවී ඇත් ද යන්න නිරන්තරයෙන් මතුවන ගැටලුවකි

එයට කදිම නිදසුනක් අද ජනතා අයිතියට පත් කර දින 5 ක් පමණක් ගත වූ බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයෙන් වාර්තා විය. මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පසුගිය 8 වැනි දා ජනතා අයිතියට පත් කළ අතර එය ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 278.2 කි. ඊයේ පස්වරුවේ සිට බෙලිඅත්ත ප්‍රදේශයට තද වර්ෂාව ඇද හැළී තිබූ අතර එහිදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගැටලු කිහිපයක් මතුව තිබේ. අධික වර්ෂාවත් සමග බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක ගිලා බැසීමක් සිදු ව ඇත. දුම්රිය ස්ථානයේ වහලයට වාර්ෂාවෙන් හානී සිදුව තිබූ අතර අප වාර්තාකරු පැවසුවේ, එයින් ජලය ද කාන්දු වන බවයි. මේ අතර වර්ෂාවත් සමග ඇති අකුණක් වැදීමෙන් දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියට ද හානී සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, සංඥා පද්ධතිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් අද පෙරවරුවේ මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය මාතරින් නවතා වෙනත් කුඩා දුම්රියකින් මගින් රැගෙන යාමට සිදු වූ බවයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙම ගැටලු සියල්ල මතු ව ඇත්තේ, දුම්රිය මාර්ගය විවෘත කර දින 5 වත් ගත නොවූ පසුබිමකයි. කෙසේ වෙතත් අද උදෑසන සිට එහි පිළිසකර කිරීම් කටයුතු ආරම්භ කර තිබුණි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අප දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ, කොන්ත්‍රාත්තුව සිදු කළ ආයතනයට මේ සම්බන්ධයෙන් වසර දෙකක පූර්ණ වගකීමක් පවතින බවයි. මේ හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට සවිකර ඇති අකුණු සන්නායකයේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ පිළිබඳ තම දෙපාර්තමේන්තුව පුළුල්ව සොයා බැලීමට කටයුතු කර බවයි. මේ ගැටලුව සම්බන්ධයෙන් විමසීමට අදාළ කොන්ත්‍රාත් සමාගමේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප කිහිපවරක් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කර තවමත් ගතවී ඇත්තේ දින 5ක් පමණයි. අවධානයට...