ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා - ගෝඨාභය රාජපක්ෂ

by Staff writer 12-04-2019 | 9:28 AM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය. මෙහිදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සඳහා තමා අමෙරිකාවට ගිය බව ය. අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වූ බව ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. තමාට එරෙහිව අමෙරිකාවේ පවරා ඇති නඩුව පිළිබඳව ද මෙහිදී රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය. ඔහු සඳහන් කළේ, තම නීතිඥයින් අදාළ නඩුව නිශ්ප්‍රභ කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.