COLOMBO (News 1st) - අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඒ වනවිටත් ගුවන්තොටුපොළ පරිශ්‍රයට රැස්ව සිටියහ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මේ වෙනකොට පුරවැසිභාවය ඉවත් කරගෙන ද ඔබතුමා ඉන්නේ ?
හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ
දැන් ඇත්තටම මම අමෙරිකාවට මූලික වශයෙන්ම ගියේ අමෙරිකාවේ තියන පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා නීතිඥයන් සමග ඒ අවශ්‍ය වැඩ කටයුතු කරගන්නටයි. මම ඒවා සාර්ථකව කර ගත්තා. ඊළඟට හැබැයි මෙහේදී තමයි අස් කරගන්න වෙන්නේ. ඒක මම ඒ අය කිව්වාම ඒක භාර දෙනවා. ඒ කාලය තුළදී තමයි මම ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට අවුරුදු 10 කට 12 විතර ඉස්සල්ලා මාධ්‍යවේදියාගේ මරණයටත් ඒ වගේම තව ත් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකු සම්බන්ධවත් සිවිල් නඩුවක් දාලා තියනවා. ඒකට එහෙ නීතිය අනූව ඒ සිවිල් නඩුවට මට භාරදෙන්නට ඕනි ඒ අය සිතාසි. නමුත් මම සලකන අන්දමට ඒක මට තාම හරි විදිහට භාර දීලා නැහැ. නමුත් මගේ එහෙ ඉන්න නීතිඥයන් විසින් එය නිශ්ප්‍රභ කිරීමට උසාවියට කටයුතු කරගෙන යනවා. මේකට විවිධ අංශවල බලපෑම් ඇති වෙලා තියනවා. ජාත්‍යන්තරයේ තියන එල් ටී ටී ඩයස්පෝරාවට අයිති එන්ජීඕ එකක්. ඒ වගේම ලංකාවේ යම් යම් කොටස් ඒ වගේම කණගාටුයි කියන්න කැලිපෝනියාවේ තියන කොන්සල් ජනරල් කාර්යාලයේනුත් මේක මෙහෙව්වා. මේක මම හිතන්නේ ඒ වගේ පහත් තත්ත්වයකට දේශපාලනය ගෙන යාම ඉතාමත් අසාධාරණයි.