වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට බලපෑම්

වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට බලපෑම්

by Staff writer 11-04-2019 | 3:14 PM
COLOMBO (News 1st) : වියලි කාලගුණත් සමග දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 548905 දෙනෙකු බලපෑමට ලක්ව සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බවයි. එම පිරිස 2 44065 කි. දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍රවලට ලවණ ජලය මුසුවීමෙන් ඉන් බහුතරයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මීට අමතරව කෑගල්ල, පුත්තලම, කුරුණෑගල ,යාපනය , මාතලේ , මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.