විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට

විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට

by Staff writer 11-04-2019 | 5:16 PM
(News 1st) - ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය කළ විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 47 හැවිරිදි ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය. ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා පිළිබඳව කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ජුලියන් අසාන්ජ් 2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ සිටි අතර, අද තානාපති කාර්යාලය ලබා දුන් රැකවරණය ඉවත් කිරීමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.