රන් බිස්කට් තොගයක් සමග SriLankan සේවකයෙකු කොටුවෙයි

රු. කෝටි 3කට අධික රන් බිස්කට් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

by Staff writer 11-04-2019 | 4:39 PM
COLOMBO (News 1st) - රන් බිස්කට් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඔහු සිය දෙපාවල සඟවා සූක්ෂම ලෙස අදාළ රන් බිස්කට් තොගය රැගෙන යාමට තැත් කර ඇති බව ය. එහි තිබී සොයා ගත් රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයකි. සැකකරු වත්තල පදිංචි 23 හැවිරිදි ශ්‍රීලංකන් ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්තව රාජකාරියේ නිරත කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වේ.