by Staff writer 11-04-2019 | 12:56 PM
COLOMBO (News 1st) : පොහොර හිඟයක් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගොවීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
අප වාර්තාකරු සඳහන් කළේ, මාස තුනක පමණ කාලයක සිට එම පොහොර හිඟය පවතින බවයි.
යූරියා පොහොර මිටියක මිල, රුපියල් දහසක් දක්වා අඩුකිරීමත් සමග එම පොහොර හිඟය මතුව ඇති බවට ගොවීහු චෝදනා කරති.