නවීණ පන්නයේ ගිලන් රථ 138 ක් බෙදා හැරේ

නවීණ පන්නයේ ගිලන් රථ 138 ක් බෙදා හැරේ

by Staff writer 11-04-2019 | 2:14 PM
COLOMBO (News 1st) : නවීණ පන්නයේ ගිලන් රථ 138 ක්, රෝහල් සඳහා බෙදාදීම අද සිදුකෙරෙයි. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනගර සභා පරිශ්‍රයේදීයි. දිවයින පුරා රෝහල්වලට අවශ්‍ය නවීන ගිලන් රථ 450 ක් බෙදා දීමේ වැඩසටහනේ තවත් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති. එලෙස රෝහල් සඳහා බෙදාහැරෙන ගිලන් රථ අතරට ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් ඇතුළත් වේ. ෆෝඩ් වර්ගයේ ගිලන් රථයක වටිනාකම රුපියල් රුපියල් අනූ එක් ලක්ෂ 75000 ක් වන අතර බෙන්ස් වර්ගයේ ගිලන් රථයක වටිනාකම රුපියල් එක් කෝටි 84 ලක්ෂයක් වේ. මේ වන විට ෆෝඩ් සහ බෙන්ස් වර්ගවල ගිලන් රථ 152 ක් රෝහල් සඳහා බෙදාහැර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.