"ජී.එල්. පීරිස්ගේ ප්‍රකාශය සාකච්ඡාවට බාධාවක්"

ජී.එල්. පීරිස්ගේ ප්‍රකාශය සාකච්ඡාවට බාධාවක් - මහින්ද අමරවීර

by Staff writer 11-04-2019 | 9:28 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මහතා සිදු කළ ප්‍රකාශය මෙම සාකච්ඡාවලට බාධාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. අමරවීර මහතා මේ බව සඳහන් කළේ, තිස්සමහාරාම රජමහා විහාරයේ අද පැවති අලුත් සහල් මංගල්‍යයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ, පක්ෂ දෙක එකතු වුවහොත් ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කරන බවත් වෙන් වුණොත් පරාජය වන බවත් ය.