"ජනපතිගේ ධූර කාලය විමසීම ගැටලුවක් නැහැ"

ජනපතිගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එ.ජා.ප.යට ගැටලුවක් නැහැ - අජිත් පී. පෙරේරා

by Staff writer 11-04-2019 | 9:14 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය අමාත්‍යංශයේදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 8න් අවසන් වන බව ය. ඉදිරියේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු විප්ලව කිහිපයක් දැක ගත හැකි බව ද අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ය.