ඉන්දීය මහ මැතිවරණය අද 7ට ඇරඹෙයි

Update : ඉන්දීය මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

by Staff writer 11-04-2019 | 7:20 AM
COLOMBO (News 1st) : ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ජන්ද විමසීම අද ආරම්භ විය. අදියර 7ක් යටතේ පැවැත්වෙන මෙම ජන්ද විමසීම මැයි 19 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. ප්‍රතිඵල ගණනය කිරීම් සිදුවන්නේ මැයි 23 වන දා බව ඉන්දිය වාර්තාවල සඳහන් ය. ඉන්දියා පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ බහුතර බලය දිනා ගැනීමට නම් එහි මුළු ආසන 543 න් 272 ක් ජයග්‍රහණය කළ යුතු වේ. 2014 වසරේ පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. විචාරකයින් මත පළ කරන්නේ මෙවර භාරතීය ජනතා පක්ෂයට රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවටයි. ----------------------------------------------------------------------------------------------------------------------------------- ඉන්දීය මහා මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම එරට වෙලාවෙන් අද පෙරවරු 7.00 ට අරම්භ වේ. අදියර 7කින් සමන්විත මහා මැතිවරණය ලබන මැයි මස 19 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. ලබන මස 23 වන දා ඡන්දය ගණන් කිරීම ආරම්භ කෙරෙනු ඇති. ආසන 545කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීම සඳහා ලබා ගත යුතු ආසන සංඛ්‍යාව 272කි. මෙවර ඉන්දීය මහා මැතිවරණය සඳහා ඡන්දය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 900කට අධිකයි. එය 2014 වසරේ පැවති ඉන්දීය මහා මැතිවරණයට ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාවට වඩා මිලියන 84.3ක ඉහළ යෑමකි. ඒ අනුව මෙවර ඉන්දීය මහා මැතිවරණය මෙතෙක් පැවති ලොව විශාලතම මහා මැතිවරණය වනු ඇතැයි, විදෙස් වාර්තා සඳහන් කළේ ය.