ඇමති මංගලට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමේ සූදානමක්

ඇමති මංගලට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමේ සූදානමක්

by Staff writer 11-04-2019 | 7:37 PM
COLOMBO (News 1st) - මෙවර අයවැයේ වැදගත් ආර්ථිකමය දත්ත පාර්ලිමේන්තුවට සඟවා ඇති බව බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය. අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන තොරතුරු ද අසත්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පැවසුවේ, පාර්ලිමේන්තුව තුළ විවාද කර ඇත්තේ ද අසත්‍ය අයවැයක් බව ය. මේ හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙසට පක්ෂ නායකයින්ට තමා නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ය.