සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය පොලී සහනයක

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය පොලී සහනයක්...

by Staff writer 10-04-2019 | 8:41 PM
COLOMBO (News 1st) : සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොළී අනුපාත 2% අඩුකිරීමට තීරණය කර ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද නිවේදනය කළේ ය. අධික බැංකු පොළී නිසා මුහුණපෑමට සිදුවී ඇති ගැටලු සම්බන්ධයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් අගමැතිවරයා සමග පැවති සාකච්ජාවකින් පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහබැංකුවේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජික නිහාල් ෆොන්සේකා මහතාගේ මූලිකත්වයෙන් යුත් එම කමිටුවට, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.කේ කරුණාරත්න, වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති ජගත් පෙරේරා සහ මනීල් ජයසිංහ යන මහත්වරු ඇතුළත් වෙති. ඊට අමතරව, ඩී.එෆ්.සී.සී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් සහ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නන්දික බුද්ධිපාල යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ය. https://www.youtube.com/watch?v=pMcmuZySmks