by Staff writer 10-04-2019 | 3:57 PM
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් ලබන 24 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර්ගෙන් පැය 24ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ අධිකරණය අවසර ලබා දුන්නේ ය.
මොහු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.
මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් කොළඹ 10 , මාලිගාවත්තේ පදිංචිකරුවෙකි.