by Staff writer 10-04-2019 | 8:00 PM
COLOMBO (News 1st) : මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළෙහි ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පැවතුන ද, උත්සව සමයේදී ජනතාවට සහන සලස්වීම සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි.