SLFP හා SLPP අතර සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක්

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක් අද

by Staff writer 10-04-2019 | 9:45 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය. අද සාකච්ඡාවේදී සන්ධානය ගොඩනැගීම සඳහා පසුගියවර සකස් කරන ලද මූලික ප්‍රතිපත්ති රාමුව පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.