ඉරිඟු බීජ ඉසීමට කාලයක් නියම කෙරේ

ඉරිඟු බීජ ඉසීමට කාලයක් නියම කෙරේ

by Staff writer 10-04-2019 | 5:06 PM
COLOMBO (News 1st) : ලබන පළමු වනදා සිට පහළොස් වැනිදා දක්වා කාලය තුළ බඩ ඉරිඟු බීජ ඉසීම සිදුකරන්නැයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු වසංගතය මේ වන විට පාලනය කර ඇති නමුත්, ලබා දී ඇති කාලයෙන් පසු බඩ ඉරිඟු වගාව සිදු කිරිමෙන් යළි සේනා දළඹු හානිය ඇතිවීමේ අවදානමක් පවතින බවයි. මේ හේතුවෙන් කෙටි කාලීන ක්‍රමවේ ද ඔස්සේ, ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.