by Staff writer 10-04-2019 | 4:45 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය 8 තුළ සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත තද වැසි ඇදහැලිණ.
නිවුස් ෆස්ට් ප්‍රාදේශිය වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ බගවන්තලාව, නෝවුඩ් , මස්කෙලිය , නල්ලතන්නිය සහ හැටන් ප්‍රදේශවලට තදවැසි ඇදහැලුණු බවයි.