අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමග 4ක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමග 4ක් දැලේ

by Staff writer 10-04-2019 | 3:11 PM
COLOMBO (News 1st): පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇපල් නමැති මත්පෙති 314 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් ද සොයාගෙන තිබේ.