අද මැදියම් රැයේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරේ

අද මැදියම් රැයේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරේ

by Staff writer 10-04-2019 | 1:52 PM
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරේ. ඊට අදාළ ගැසට් නිවේදනයට ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ අත්සන් තැබුවේ ය. මේ අනුව දකුණු පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇති.