හලාවත නාගරික මන්ත්‍රී රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

හෙරොයින් ජාවාරමට අනුබල දුන් හලාවත නාගරික මන්ත්‍රී රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 09-04-2019 | 5:16 PM

COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකාර මන්ත්‍රීවරයා ඊයේ සවස දංකොටුව නගරයේදී අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 8 ක් සන්තකයේ තබාගෙන සිටිමට පුද්ගලයෙකුට අධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.