වැල්ලේ සාරංග STF අත්අඩංගුවට

වැල්ලේ සාරංග STF අත්අඩංගුවට

by Staff writer 09-04-2019 | 4:51 PM

COLOMBO (News 1st) - පාතාල සාමාජිකයෙකු වන සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග නැමැත්තාව විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 100 ක් ද හමු වූ බවයි. 29 හැවිරිදි සැකකරු මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනි. පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු ප්‍රබල පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සහ පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බවයි. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩුවක් ද තිබී හමු වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, අපරාධ රැසකට සම්බන්ධ බව කියන වැල්ලේ සාරංග නැමැත්තා වසර 2 ක පමණ කාලයක සිට පොලීසිය මග හරිමින් සැඟව සිටි බවයි.