මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

by Staff writer 09-04-2019 | 9:02 AM
COLOMBO (News 1st) : මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම්1යි ග්‍රෑම් 8 ක් සන්තකයේ තබාගෙන සිටිමට පුද්ගලයෙකුට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි. නාගරික මන්ත්‍රීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.