by Staff writer 09-04-2019 | 7:48 PM
COLOMBO (News 1st) - සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
ඒ, රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පළ කරමිනි.
නමුත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය පවසන්නේ, තවදුරටත් ගැටලුව විසඳා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
බස් වර්ජනයක් පිළිබඳව දැනුවත්ව නැතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ ය.