by Staff writer 09-04-2019 | 10:36 PM
COLOMBO (News 1st) - ආසියානු පැසිෆික් කලාපයේ රටවල් නියෝජනය කරමින් ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ඉහළපෙළේ විශේෂඥ කණ්ඩායමක් අද දින උදෑසන නිව්ස්ෆස්ට් මූලස්ථානයට පැමිණියේ ය.
මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිෆික් සන්ධානයේ මෙරට සභාපති ෆිර්සාන් හෂීම් මහතායි.
පසුගිය කාලයේ ආපදා සඳහා වන ප්‍රතිචාරයන්, සහන සැලසීම්, ආපදා සූදානම සහ මුදා ගැනීම් මුල් කරගනිමින් පසුගිය වසර දහය තුළ නිව්ස්ෆස්ට් විසින් ක්‍රියාත්මක කළ සහන යාත්‍රා වැඩසටහන පිළිබඳව ද මෙහිදී නියෝජිතයින් දැනුවත් කෙරුණි.
නිව්ස්ෆස්ට් සහන යාත්‍රා වැඩසටහන් ආකෘතිය කලාපීයව ප්‍රතිනිර්මාණය කළ හැකි ආකාරය සහ බහු පාර්ශවීය සහභාගීත්වයෙන් යුක්තව සහන සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂඥයින් අවධාරණය කර තිබේ.