දුම්රිය වෘත්තිය සමිති හා ප්‍රවාහන ඇමති අතර සාකච්ඡා

දුම්රිය වෘත්තිය සමිති හා ප්‍රවාහන ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

by Staff writer 09-04-2019 | 4:29 PM
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ, අද පස්වරු 5.00 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී සාකච්ඡාව පැවැත්වෙන බවයි. දුම්රිය සේවකයින් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සූදානම්ව සිටින පසුබිමකදී මෙම සාකච්ඡාව කැඳවා ඇත. දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියැදුරු අධීක්ෂණ කළමනාකරණ ක්ෂේත්‍රවල වෘත්තීය සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිතයි.