.webp)
ළඟදී දවසක අමාත්‍ය මලික් සමරවික්‍රම හා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහත්වරුන්ගේ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියක් වන හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා එම ව්‍යාපෘතියට එන මුදල් එන්නේ මහ බැංකුවට කියලා.ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය, ඉන්ද්‍රජිත් කුමාරස්වාමී,
මේක එන්නේ සංචිතවලට එක කළමනාකරණය කරන්නේ මහ බැංකුව.මාධ්‍යවේදී ප්‍රශ්නය,
මේ එන මුදල් අධීක්ෂණය වන ක්‍රමයක් තියෙනවා ද?ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, එස්.ආර්. අටිගල
මේක එන්නේ අපේ බැංකු පද්ධතිය හරහා සංචිතයට. මහ බැංකුව කරන්නේ සංචිත කළමනාකරණය කිරීම.මාධ්‍යවේදී ප්‍රශ්නය,
මම නැවත අහන්නේ මෙම මුදල් බැංකු පද්ධතියට ආවම අධීක්ෂණය වන ක්‍රමවේදයක් තියෙනවා ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය, ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ඔබ අහන්නේ මුදල්වල පාරිශුද්ධභාවය පිළිබඳව ද? යම් සැක කටයුතු ගනුදෙනුවක් එනවා නම් බැංකු පද්ධතියෙන් තමයි එක මුදල් බුද්ධි ඒකකයට දන්වන්නේ. මුදල් බුද්ධි ඒකකය පරිපාලනය කරන්නේ මහ බැංකුව නමුත් එක ස්වාධීන ආයතනයක්. ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙනවා නම් ඒ විදිහට තමයි වෙන්නේ. මුදල්වල පාරිශූද්ධභාවය පිළිබඳව බැංකුව තමයි කටයුතු කරන්න ඕනේ.