by Staff writer 08-04-2019 | 5:32 PM
COLOMBO (News 1st) - අධික ඝෝෂාකාරී නාද රටා නිකුත් කරන නළා සහ විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු සහිත රථ වාහන වැටලීම් ජුලි 01 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දැනට එවැනි නළා සහ විදුලි බුබුළු සවි කර ඇති වාහනවල රියැදුරන්ට ඒවා ඉවත් කිරීම සඳහා ජුනි 30 දක්වා සහන කාලයක් ලබාදී ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවසුවේ ය.
උත්සව සමයේ බීමත් රියැදුරන් වැටලීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන වායු බැලූන් 25,000 ක් ගුවන් මගීන් දිවයිනට ගෙන්වූ බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.