ගෝඨාභයට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අමෙරිකාවේදී නඩු ගොනු කරයි

by Staff writer 08-04-2019 | 6:31 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ නඩු දෙකක් පවරා ඇතැයි බීබීසී ලෝක සේවය අද වාර්තා කරයි.

බීබීසී වාර්තාවේ දැක්වූයේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇති බවයි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණ ව්‍යාපෘතිය හෙවත් අයිටීජේපී සංවිධානය ද කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කර තිබේ.