COLOMBO (News 1st) - පාවෙන බලාගාරවලින් විදුලිය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නිෂ්පාදනය කරන මිලට වඩා අඩු මිලකට බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ය.
අනිද්දා සිට විදුලිය කප්පාදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒකකයක් රුපියල් 25 බැගින් මෙගාවොට් 500 ක් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය, රවී කරුණානායක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අපේ කැබිනට් එකේ දුන්නේ එක දෙයයි. විදුලිය ඇණ හිටුවන්න බෑ. ඒත් තාවකාලිකව ඒක වුණා. අප්‍රේල් මස 10 වෙනි දා හැන්දෑවේ සිට අපි මේ විදුලිය කප්පාදු කිරීම සම්පූර්ණයෙන් නවත්තලා ඒකට ස්ථිරසාර විසඳුමක් ලබාදීම තමයි අපි කරලා තියෙන්නේ. නාස්තිය තාම වෙනවා යම් තැන්වල අද එනකොටත් වීදි ලාම්පු 10 ට ත් පත්තු වෙනවා. මේ වගේ රට මම තාම දන්නේ නෑ රටේ ගිනි තියනකොට එක තැනක ගිනි ගන්නකොට එක තැනක අඩුගානේ මේ සම්බන්ධයෙන් සහයෝගය දෙන එක අපට පේන්න නෑ. ඒ වගේම වෙසක්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මීට පෙර තිබ්බ අවුරුදුවලට වැඩිය හොඳ වෙසක් ඕන තරම් තොරන් ඇතිකරන්න පුළුවන්. අපි ඒකට අඛණ්ඩ විදුලිය සැපයුමක් ඇති කරලා දෙනවා. කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැත.
මේ අතර විදුලි බල අර්බුදය හා ඊට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳව අද ත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ජොන්ස්ටන් ප්‍රනාන්දු
දැන් විදුලිය කපනවා අපට ඇහෙනවා බටගොඩ කියලා මහත්තයෙක් හොරා කෑවා කියලා පහර දෙනවා මම කැමති නෑ පෞද්ගලිකව පුද්ගලයින්ට පහර දෙන්න. මම විශ්වාස කරනවා බටගොඩ මහත්තයා විතරක් නෙවෙයි. මේකේ තව ලොකු ලොක්කෝ ටික ඉන්නවා. ඒ ලොකු ලොක්කොයි ඔක්කෝටම දඬුවම් කරන්න ඕන. අපි කියන්නේ බටගොඩ හොරකම් කරලා තියනවා නම් මම නම් කියන්න කැමති නෑ නම ඇවිල්ලා තියන නිසයි මම කියන්නේ ඒ මහත්තයත් එක්ක තව ලොක්කෝ ටිකක් ඉන්නවා නම් ඒ ටෙලිෆෝන් නොම්මර ටික ටික ඔක්කොම චෙක්කරලා කවුද මේවා සාකච්ඡා කළේ කොහොමද විදුලි කප්පාදුව ආවේ කොහොමද මේවා හොරා කෑවේ ඒ සල්ලි කොහෙද තියෙන්නේ කියලා හොඳට හොයන්න පුළුවන් වහාම හොයන්න දැන් කියන්නේ විදුලිය කපන එක නතර කරනවා කියලා 10 යින් පස්සේ හැබැයි මේ හොරකම් කරපු අය ගැන කතා නෑ.