තිලංග සුමතිපාලට එරෙහිව ක්‍රීඩා සමාජ 3 කින් ලිපි

තිලංග සුමතිපාලට එරෙහිව ක්‍රීඩා සමාජ 3 කින් ලිපි

තිලංග සුමතිපාලට එරෙහිව ක්‍රීඩා සමාජ 3 කින් ලිපි

කර්තෘ Staff writer

08 Apr, 2019 | 8:56 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා සමාජ 3 ක් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපි යොමු කර තිබේ.

මෙලෙස ලිපි යොමු කර ඇත්තේ, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය හා මාරවිල සේවියර් ක්‍රීඩා සමාජයි.

අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, තම සහෝදරයාට බූකි ව්‍යාපාර පවතින බවට සුමතිපාල මහතාම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

මෙම ප්‍රකාශය ඇතුළත්, හැන්සාඩ් වාර්තාවේ පිටපතක් ද අදාළ ලිපිය සමග ඇමුණුම් ලෙස යොමු කර තිබේ.

අදාළ සූදූ ව්‍යාපාර සඳහා බදු ගෙවීම් පිළිබඳ වාර්තාව ද ලිපිය සමග ක්‍රීඩා අමාත්‍යවරයා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ ලිපි ගොනුවේ ඇතුළත් ය.

මෙම කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, තිලංග සුමතිපාල මහතා වර්තමාන ශ්‍රී ලංකා විධායක කමිටුව තුළ කටයුතු කරමින් කළමනාකාර කමිටුවේ සාමාජිකයෙකුවීම, ජාතික සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකුවීම සහ ජාතන්තර සබඳතා හා ජාතික ව්‍යාපෘති කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම ක්‍රීඩා පනතට අනුව නීති විරෝධි බවයි.

එසේම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම පද්ධතියේ යටතේ ද මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධ වූවෙකුට ක්‍රිකට් සම්බන්ධ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අදාළ සංගම් තුන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]