හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වාර්තාවක් කැඳවයි

හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වාර්තාවක් කැඳවයි

by Staff writer 07-04-2019 | 3:40 PM
COLOMBO (News 1st) : පවතින දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහ හදිසි විදුලි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩල විගණන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි. අදාළ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස තමන් උපදෙස් දුන් බව ද විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ ය. විගණකාධිපතිවරයා නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, එම වාර්තාව ලද විගස පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවයි. මේ අතර පසුගිය වසර හතරක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විගණන සිදුව නොමැති බවට කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද, විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ සිදුවූ මහා පරිමාණ ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විගණන වාර්තා ඉදිරිපත් වූ බවයි. https://www.youtube.com/watch?v=ph_ptG6DKsA