සොයිසාපුර කර්මාන්ත ශාලාවක ගින්නක්

සොයිසාපුර කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 07-04-2019 | 10:58 AM

COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

එම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු ගබඩාවේ මෙම ගින්න හටගත් බව පොලීසිය පැවසුවේ ය. ගල්කිස්ස පොලීසිය, මොරටුව, දෙහිවල, කොළඹ ගිනි නිවීම් ඒකක සහ ආයතනයේ සේවකයින් ද එක් ව ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිදුවූ දේපොළ හානිය මෙතෙක් තහවුරු කර නොමැති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/615033658960789/