ලංගම හා දුම්රිය සේවක නිවාඩු සීමා වෙයි

ලංගම හා දුම්රිය සේවක නිවාඩු සීමා වෙයි

by Sagarika Chathumali 07-04-2019 | 6:01 PM
COLOMBO (News 1st) : එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට ලබන 21 වනදා තෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු සීමාකර ඇතැයි, ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එල්. පී. ජයම්පති මහතා සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් හෙට සිට ලංගම පෞද්ගලික සහ දුම්රිය අතිරේක සේවාවන් ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව ලංගම බස් රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ දුම්රිය 20ක් අතිරේකව ධාවනයට එක් කෙරෙනු ඇති. මේ අතර මගී අවශ්‍යතා මත කෙටි දුර ධාවන පෞද්ගලික බස් රථ දුර ගමන් සේවා සඳහා එක් කිරිමට ජාතික ගමනාගමන කොමිසමට අවසර දුන් බව ද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසී ය. මෙම කාලසීමාව තුළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.