මාලදිවයින් මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

මාලදිවයින් මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

by Staff writer 07-04-2019 | 9:16 AM

News 1st - මාලදිවයින් මහ මැතිවරණයෙන් පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ආසන 87 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 60 කට ආසන්න සංඛ්‍යාවක් පාලක පක්ෂය ලබාගෙන ඇති බවයි. ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා කරමින් ජය සමරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පවසයි. රටපුරා ජයග්‍රහණ සැමරුම් රැළි පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ්ගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වෙතත් මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.