බාලදක්ෂ ව්‍යාපාරය වෙනස්විය යුතුයි  - ජනපති

බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපීව වෙනස්විය යුතුයි - ජනපති

by Staff writer 07-04-2019 | 6:42 AM

COLOMBO (News 1st) - ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපීව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වේයන්ගොඩ, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වුණු දොලොස්වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේදී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25% වත් නියෝජනයවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා, ගුණදහම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරය වැදගත් බව කියා සිටියේ ය. ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03 කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය - අපේ උරුමය මව්බිමයි - තේමාව යටතේ හෙට දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ.