කොස්ගම පොලිසියෙන් සිරකරුවෝ 2ක් පැන යති

කොස්ගම පොලිසියෙන් සිරකරුවෝ 2ක් පැන යති

by Staff writer 07-04-2019 | 5:51 PM
COLOMBO (News 1st) ; හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු කොස්ගම පොලිස් සිර මැදිරියෙන් පලා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී කාලයේදී සැකකරුවන් සිර මැදිරියෙන් පළා ගොස් ඇති බවයි. එලෙස පළාගොස් ඇකත්තේ, හෙරොයින් මිලිග්‍රෑම් 1050ක් සහ මිලිග්‍රෑම් 1020ක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකි. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.