තව ත් ඖෂධ වර්ග 20 ක මිල අඩු වන ලකුණු...

තව ත් ඖෂධ වර්ග 20 ක මිල අඩු වන ලකුණු...

by Staff writer 07-04-2019 | 7:16 AM

COLOMBO (News 1st)  -  ඉදිරි සති තුන ඇතුළත තව ත් ඖෂධ වර්ග 20 ක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ඖෂධ මිල නියාමන කමිටුවේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ, අදාළ ඖෂධවල වෙළෙඳපොළ මිල ගණන් විශ්ලේෂණය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි. මිල අඩු කරන ඖෂධ වර්ග අතරට පිළිකා නාශක ඖෂධ වර්ග කිහිපයක්ම ඇතුලත් වේ. මේ වනවිට අවස්ථා කිහිපයකදී ඖෂධ වර්ග රැසක මිල ගණන් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.