තංගල්ලේ ෆේස්බුක් සාදයකදී 11 දෙනෙකු අත්අඩංගුවට

තංගල්ලේ වැටලු ෆේස්බුක් සාදයකදී 11 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 07-04-2019 | 2:37 PM

COLOMBO (News 1st ) - තංගල්ල, මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයකදී මත්‍ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණ තරුණියන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ දී අනිසි ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මෙම ‍සාදය පවත්වා තිබුණි. තංගල්ල මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය යන පොලිස් නිලධාරීන් එක් ව මෙම වැටලීම සිදු කර තිබේ. එහි තිබි වියලි කංසා මිලිග්‍රෑම් 10800 ක් බියර් ටින් 81 ක් සහ මත්පැන් බෝතල් 10 ක් සමග අනාචාරයේ හැසිරුණු තරුණයින් හා තරුණියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි. ඔවුන් 18 , 20 , 21 සහ 25 යන වයස්වල පසු වන්නන් ය. අත්අඩංගුවට ගත් පිරිස කැකිරාව, මාතර, කඩුවෙල, පරකඩුව, කඩවත, හිඟුරක්ගොඩ, රාගම, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/321074065218393/